Sunday, September 11, 2011

මරණ දෙකක්.........

                                 නිවස ඉදිරියේ පිහිටි සුදු අරලිය ගහ දෙස මම බලා සිටිමි.සුදු පාට අරලිය මල් දෙස බලා සිටීමට මා ආශා කළත් අද එහි ඇත්තේ මහා මුසල පාටකි.නිවස අවට පවතින නිහඩ බව වෙනදා මා සන්සුන් කළත් අද එය මහා වදයක් වී ඇත.අරලිය ගහ අසල ඇයත් මමත් කුඩා කල සෙල්ලම් කල අයුරු මට සිහිවේ.
                                            මා හදුනන කිසිවෙක් ඇය තරම් මට ප්‍රිය නොවිය.ඇය මා හා කටයුතු කළ අන්දමට ඇය ද මට බෙහෙවින් ඇලුම් කළ බව මම දනිමි. මාගේ නිවසට යාබද නිවසට ඇය හා පවුලේ උදවිය පදිංචියට ආවේ මට යන්තම් අවුරුද්දක් වයසේදී බව මාගේ මව පවසනවා මතකය. එකල ඇය දෙහැවිරිදි වියේ පසුවිය.මතක ඇති කාලයේ සිට ඇය මාගේ හොදම මිතුරිය විය.සොයුරු සොයුරියන් කිසිවෙකු නොමැති මට ඇය ආදරණීය අක්කන්ඩියද වුවාය.
 
                           ඇය තරමක් උසය.පැහැපත් මුහුණ කුඩා නිකටකින් යුක්ත වුවාය.පිරුණු කම්මුල් සිනාසෙන විට වලගැසේ.උඩු ඇන්දේ වම් පසට වන්නට පිහිටි නළදත ඇයගේ සිනාවේ සුන්දරත්වය වැඩි කළේය.නිල් පැහැ ගත් ඇගේ දෙනෙත් දීප්තිමත්ය.ඇ තම සිරුරට ගැලපෙන ඇදුම් තෝරා ගත් අතර එමගින් ඇයගේ රුව වඩ වඩාත් පියකරු විය.
 
                            කුඩා කළ පටන් මිතුරන් ලෙස ඇසුරු කළ අප අතරේ රහස් නොතිබුණි.ඇයගේ ප්‍රේමය දිනා ගැනීමට බොහෝ තරුණයන් එන බව විටින්විට මා හට පවසා ති‍බේ.එහෙත් ඉගනීමට මුල් තැන දුන් ඇය එවැනි සම්බන්ධයකට කිසිසේත්ම එකඟ නොවුනි.2009 උසස් පෙළට පෙනී සිටි ඇය ඉන් උසස් ලෙස සමත්ව කොලඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිටයට ඇතුලත් වීමට සමත්විය.
 
                        ඇය සමගින් ඇයගේ පවුලේ අයද කොළඹ පදිංචියට ගිය නිසා පෙර මෙන් නිතර හමුවී කතා කිරිමේ අවස්ථාව අහිමිවිය. ඈ නව නිවසට ගිය මුල් දිනයේම දුරකථන ඇමතුමක් දෙමින් කතා කළ හැටි මට අද වාගේ මතකය. "ඒ මල්ලී,අපේ අලුත් ගෙදරත් අරලිය ගහක් තියනෝ" ඈ කතා කලේ බොහොම උද්යෝගයෙන් පැවසුවා මතකය. මා මෙන්ම ඇයත් සුදු පාට මල් පිරුණු අරලිය ගස් දිහා බලා සිටීම ප්‍රිය කළාය.
 
                           අප දෙදෙනාගේම ජිවිත කාර්ය බහුල වත්ම නිතර නිතර කතා කිරීමේ අවස්ථාව අහිමිව ගියාය.නමුත් ජීවිතයේ සෑම වැදගත් අවස්ථා වලදී ඇය මා ඇමතීමට අමතක නොකළාය. පසුගිය වසරේ එක්තරා දිනක මා ඇමතු ඇය තම ජීවිතයේ වැදගත්ම තීරණයක් ගත් බව පැවසුවාය. ඇගේ ප්‍රේමය දිනා ගැනීමට තරුණයෙක් සමත්ව සිටියාය. ඉන් පසුව ඇය නොයෙක් වර සම්පත් ගැන පවසා තිබේ.සම්පත් ඒ ඔහුගේ නමයි. ඔහු ඇගේ විශ්ව විද්‍යාලයේම සිසුවෙකි.
 
                       ඊයේ රාත්‍රියේ ඇය යලිත් මා ඇමතුවාය. "මල්ලි සම්පත් මහා බොරු කාරයෙක්.එයා මාව රැවට්ටුවා.ඒත් දෙයියනේ මට එයාව අමතක කරන්න බෑ දෙයියනේ.මට මොනාව කරන්නද කියල හිතා ගන්න බැ.මට මැරෙන්න ඕන" කියමින් ඇඩුවා මතකය.ඇය කිහිප විටක්ම දිවි තොර කර ගැනීමට අවැසි බව කියුවත් මා එය එතරම් වැදගත් ලෙස සැලකුවේ නැත.
 
               අද උදයේ නිවසේ දුරකථනය නාද වීමෙන් මම පිබිදුනාය.දුරකථනයට පිළිතුරු දුන් අම්මා තාත්තට කතා කළ නාදයෙන් කුමක්හෝ හදිසියක් බව වටහා ගත්තෙමි."දුව...දුව..." දියණියන් නොමැති අම්මා "දුව" යැයි කියන්නේ අක්කාටය. " දුව නැති වෙලාලු, රෙදි වැල ලිහලා ගෙදර ඉස්සරහ තියන අරලිය ගහේ එල්ලිළලු" අම්මා තව මොනවාද කියුවත් මට ඒවා තේරුනේ නැත.මගේ දෙපා පන නැති වෙන බව දැනිණි.උගුරේ ගුලියක් හිර වෙන සෙයක් දැනුණි.හදවත බරව කඩා වැටුනු සෙයක් දැනුණි.
 
                     අම්මත් තාත්තත් රැකියාව්ට පිටත් වූ පසු මම නිවස ඉදිරි පිට අරලියගහ දෙස බලාගෙන වාඩිවුනෙමි. මහා වරදකාරී හැගීමක් මට දැනේ.ඇගේ ජීවිතය රැක ගනිමට් මට හැකියාව තිබිණි.මගේ ආදරණීය අක්කා මරා දැමුවේ මා යි මට සිතේ.
 
මම අනිමිසලෝචනයෙන් අරලිය ගහ දෙස බලා සිටිමි.අරලිය ගසත් අසල ගසකුත් අතර බැදී රෙදි වැල අසල මගේ දෙනෙත් නතරවි ඇත................

Wednesday, August 17, 2011

තරූ

                                           පිස්සා, එහෙමයි මට මිනිස්සු කියන්නෙ.තව සමහරු මට කියන්නෙ මිනීමරුව කියල.මම ටිකක් අමුතුයි තමයි. එත් මම පිස්සෙක් වත් මිනිමරුවෙක් වත් නෙවෙයි.මට තෙරෙන්නෙ නෑ ඇයි මාව මෙහේ සතෙක් වගෙ කූඩු කරල තියෙන්නෙ කියල.
                  මම මෙ ඔහේලට කියන්න හදන්නෙ මගේ කතාව,නෑ නෑ මගේ ආදර කතාව.
මේ කතාව පටන් ගත්තෙ අපි 10 වසරෙදි හරියටම කිවුවොත් 2005 පෙබරවාරි මාසෙ 14 වෙනිද.ඔව් ඔව් එදා තමයි මම ඉස්සෙල්ලම එයව දැක්කෙ.එයා රෝස මලක් වගේ ලස්සනයි නෑ නෑ එයා රෝස මලකට වඩා ලස්සනයි.එයා දැක්ක මුල් දවසෙම මම එයට ආදරේ කරන්න පටන් ගත්තා.කවදාවත් කියුවෙ නැති උනත් මම දන්නව එදා එයත් මට ආදරේ කරන්න පටන් ගත්තා.
            එදා ඉදලා අපි ආදරේ කරා.හැම රෑකම එයා මම ලගට ආවා.ඔව් මගේ හැම හිනෙම හිටියෙ එය විතරයි.ක්ලාස් එකේදි අපි කතාකලා,ඔව් ඇස් වලින් අපි කතාකලා.කවදාවත් එයාගෙ කටහඩ ඇහිලා නැති උනාට මම එය ගැන හැම දේම මම එයගෙ ඇස් දෙකෙන් දැන ගත්තා.එයා පන්තියේ වනචර පිස්සු කොල්ලොත් එක්ක කතා කලාට ආදරේ කලේ මට විතරමයි.ඔව් මට හොදටම විශ්වාසයි.මගේ තරූ ආදරේ කලේ මට විතරමයි.
                                             අවුරුදු 4 කටත් වැඩි කාලයක් අපි එහෙම සතුටින් හිටියා.මගේ යලුවො කියන පිස්සු යක්කු හැමදාම මගේ තරූව සැක කළා.උන් කිවුවා ගිහින් කැමැත්ත අහපන් කියලා.පිස්සො මම තරුත් එක්ක ඇස් වලින් කතාකරන කරන බව උන් දන්නෑනෙ.
                                         2009 විභහගෙ ඉවර උනු දවසෙ තමයි මම කතාවෙ වීරයා උනේ.එදා මම තට්ට තනියම බ්ච් එකේ ඇවිදගෙන යනකොට තමයි මම දැක්කෙ කොහෙද යන වනචරයෙක් මගෙ   තරූව රවට්ටගෙන එයගෙ අතින් අල්ලගෙන බ්ච් එකෙ හිටියා. මගෙ තරූව  උගෙන් බේරගන්න හිටියෙ මම විතරමයි කියල මට තෙරුනා.ඔව් මම කවදාවත් නැති විදියට ශක්තිමත් උනා...
මම බ්ච් එකෙ තිබුන ගල් ගෙඩියක් අරගෙන උගෙ ඔලුවට ගහලා ගහලා.................

  ඔව්,මම තරූව බේරගත්තා.
                                                           අදට මම තරුගෙන් වෙන් වෙල අවුරුදු දෙකක්.තරු මම කොහෙද කියල දන්නෙ නැතුව ඇති.නැත්නම් එයා මාව බලන්න එනවා.මට වගෙම එයාටත් මාව නොදැක ඉන්න බෑ.ඔයාලා කවුරු හරි තරුව දැක්කොත් මාව බලන්න එන්න කියන්න...........

Sunday, July 24, 2011

කළගුණ නොදත් උන්ට ලියමි..........

අවුවට වැස්සට
සෙවන
වල බහින කොල්ලන්ට
පුල් සප් එක
දුම දාන්න
තැන
ලව් කොරන
කොල්ලන්ට කෙල්ලන්ට
බංකුව
බූට් කාපු කොල්ලන්ට
අඩන්න
තාප්ප
බස් එක වැරදුනාම
පත්තර පිටුව එලන්
නිදන්න
තැන
හදිසියට
වැසිකිලිය
දුන්නා
මම
බොලාට..........
රිටන් එකට
බොලා,
කාරලා ගහන
බුලත් කෙලපාර
හපලා හපලා
විසිකරන
චුයින්ගම්
විසිකොරන
අනිත් හැමදෙම
දුන්නා
මට..................

අවසරයි එන්න ඔබ අතරට............

                                        ඔන්න මමත් හා හා පුරා කියලා බ්ලොගක් ලියන්ට  පටාන් ගත්තා. ගොඩක්   බ්ලොග් කියවල බැලුවට පස්සෙ මටත් හිතුනා ලියන්ට. ඉතින් මමත් වැඩෙට එන්ටර් උනා. ඵත් තාම වැඩෙ කොරගෙන යන හැටි ගැන එ හැටි දැනුමක් නෑ. ලියන ගමන් අත්දැකීමෙන් ඉගෙන ගන්නයි  අදහස.

ඔන්න ලියාගෙන යනකොට වැරදි එහෙම උනොත් සමාවෙන්ට . අපි තාම සුහඹුලෝනෙව........