පිස්සා, එහෙමයි මට මිනිස්සු කියන්නෙ.තව සමහරු මට කියන්නෙ මිනීමරුව කියල.මම ටිකක් අමුතුයි තමයි. එත් මම පිස්සෙක් වත් මිනිමරුවෙක් වත් නෙවෙයි.මට තෙරෙන්නෙ නෑ ඇයි මාව මෙහේ සතෙක් වගෙ කූඩු කරල තියෙන්නෙ කියල.
මම මෙ ඔහේලට කියන්න හදන්නෙ මගේ කතාව,නෑ නෑ මගේ ආදර කතාව.
මේ කතාව පටන් ගත්තෙ අපි 10 වසරෙදි හරියටම කිවුවොත් 2005 පෙබරවාරි මාසෙ 14 වෙනිද.ඔව් ඔව් එදා තමයි මම ඉස්සෙල්ලම එයව දැක්කෙ.එයා රෝස මලක් වගේ ලස්සනයි නෑ නෑ එයා රෝස මලකට වඩා ලස්සනයි.එයා දැක්ක මුල් දවසෙම මම එයට ආදරේ කරන්න පටන් ගත්තා.කවදාවත් කියුවෙ නැති උනත් මම දන්නව එදා එයත් මට ආදරේ කරන්න පටන් ගත්තා.
එදා ඉදලා අපි ආදරේ කරා.හැම රෑකම එයා මම ලගට ආවා.ඔව් මගේ හැම හිනෙම හිටියෙ එය විතරයි.ක්ලාස් එකේදි අපි කතාකලා,ඔව් ඇස් වලින් අපි කතාකලා.කවදාවත් එයාගෙ කටහඩ ඇහිලා නැති උනාට මම එය ගැන හැම දේම මම එයගෙ ඇස් දෙකෙන් දැන ගත්තා.එයා පන්තියේ වනචර පිස්සු කොල්ලොත් එක්ක කතා කලාට ආදරේ කලේ මට විතරමයි.ඔව් මට හොදටම විශ්වාසයි.මගේ තරූ ආදරේ කලේ මට විතරමයි.
අවුරුදු 4 කටත් වැඩි කාලයක් අපි එහෙම සතුටින් හිටියා.මගේ යලුවො කියන පිස්සු යක්කු හැමදාම මගේ තරූව සැක කළා.උන් කිවුවා ගිහින් කැමැත්ත අහපන් කියලා.පිස්සො මම තරුත් එක්ක ඇස් වලින් කතාකරන කරන බව උන් දන්නෑනෙ.
2009 විභහගෙ ඉවර උනු දවසෙ තමයි මම කතාවෙ වීරයා උනේ.එදා මම තට්ට තනියම බ්ච් එකේ ඇවිදගෙන යනකොට තමයි මම දැක්කෙ කොහෙද යන වනචරයෙක් මගෙ තරූව රවට්ටගෙන එයගෙ අතින් අල්ලගෙන බ්ච් එකෙ හිටියා. මගෙ තරූව උගෙන් බේරගන්න හිටියෙ මම විතරමයි කියල මට තෙරුනා.ඔව් මම කවදාවත් නැති විදියට ශක්තිමත් උනා...
මම බ්ච් එකෙ තිබුන ගල් ගෙඩියක් අරගෙන උගෙ ඔලුවට ගහලා ගහලා.................
ඔව්,මම තරූව බේරගත්තා.
අදට මම තරුගෙන් වෙන් වෙල අවුරුදු දෙකක්.තරු මම කොහෙද කියල දන්නෙ නැතුව ඇති.නැත්නම් එයා මාව බලන්න එනවා.මට වගෙම එයාටත් මාව නොදැක ඉන්න බෑ.ඔයාලා කවුරු හරි තරුව දැක්කොත් මාව බලන්න එන්න කියන්න...........
Wednesday, August 17, 2011
Sunday, July 24, 2011
කළගුණ නොදත් උන්ට ලියමි..........
අවුවට වැස්සට
සෙවන
වල බහින කොල්ලන්ට
පුල් සප් එක
දුම දාන්න
තැන
ලව් කොරන
කොල්ලන්ට කෙල්ලන්ට
බංකුව
බූට් කාපු කොල්ලන්ට
අඩන්න
තාප්ප
බස් එක වැරදුනාම
පත්තර පිටුව එලන්
නිදන්න
තැන
හදිසියට
වැසිකිලිය
දුන්නා
මම
බොලාට..........
රිටන් එකට
බොලා,
කාරලා ගහන
බුලත් කෙලපාර
හපලා හපලා
විසිකරන
චුයින්ගම්
විසිකොරන
අනිත් හැමදෙම
දුන්නා
මට..................
සෙවන
වල බහින කොල්ලන්ට
පුල් සප් එක
දුම දාන්න
තැන
ලව් කොරන
කොල්ලන්ට කෙල්ලන්ට
බංකුව
බූට් කාපු කොල්ලන්ට
අඩන්න
තාප්ප
බස් එක වැරදුනාම
පත්තර පිටුව එලන්
නිදන්න
තැන
හදිසියට
වැසිකිලිය
දුන්නා
මම
බොලාට..........
රිටන් එකට
බොලා,
කාරලා ගහන
බුලත් කෙලපාර
හපලා හපලා
විසිකරන
චුයින්ගම්
විසිකොරන
අනිත් හැමදෙම
දුන්නා
මට..................
අවසරයි එන්න ඔබ අතරට............
ඔන්න මමත් හා හා පුරා කියලා බ්ලොගක් ලියන්ට පටාන් ගත්තා. ගොඩක් බ්ලොග් කියවල බැලුවට පස්සෙ මටත් හිතුනා ලියන්ට. ඉතින් මමත් වැඩෙට එන්ටර් උනා. ඵත් තාම වැඩෙ කොරගෙන යන හැටි ගැන එ හැටි දැනුමක් නෑ. ලියන ගමන් අත්දැකීමෙන් ඉගෙන ගන්නයි අදහස.
ඔන්න ලියාගෙන යනකොට වැරදි එහෙම උනොත් සමාවෙන්ට . අපි තාම සුහඹුලෝනෙව........
ඔන්න ලියාගෙන යනකොට වැරදි එහෙම උනොත් සමාවෙන්ට . අපි තාම සුහඹුලෝනෙව........
Subscribe to:
Posts (Atom)

